Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

ඉපදෙනවනම් මෙන්න රටවල් ......


වර්ෂ 2013 දී ඉපදීමට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාවට 63 වන ස්ථානය හිමිව තිබේ.

ලන්ඩනයේ ඉකොනොමිස්ට් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ළකුණු 5. 71 ක් ලබා ගත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත.

ඉපදීමට හොඳම රට ස්විට්සර්ලන්තය වන අතර ඉපදීම සඳහා නුසුදුසුම රාජ්‍යය වන්නේ නයිජීරීයාව බව සමීක්ෂණයට අනුව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ 63 වැනි ස්ථානය දිනා ගන්නා විට අසල්වැසි ඉන්දියාවට හිමි ව ඇත්තේ 66 වැනි ස්ථානයයි.


සෙසු දකුණු ආසියානු රටවල් වන පාකිස්තානයට 75 වන ස්ථානයත් බංගලාදේශයට 77 වන ස්ථානයත් හිමිව ඇත.

ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව,නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, සිංගප්පූරුව, නවසීලන්තය, නෙදර්ලන්තය, කැනඩාව සහ හොංකොං යන රාජ්‍යයන් ඉපදීම සඳහා වඩාත් සුදුසුම රාජ්‍යයන් දහය බව එම සමීක්ෂණයේ දැක්වෙයි.

සමීක්ෂණයට අනුව අමෙරිකාව සහ ජර්මනිය 16 වැනි ස්ථානයත් මහා බ්‍රිතාන්‍යයට 27 වැනි ස්ථානයත් හිමිව තිබේ.

මෙතැනින්  ඉකොනොමිස්ට් සඟරාවේ සමීක්ෂණය කියවිය හැකිය.

Blogger Widgets