Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Google තවත් භාෂා 9ක් පරිවර්තනය කරයි


ඔන්න ගූගල් භාෂා පරිවර්තකයට තවත් භාෂා 9ක් එකතු වෙලා. ඒවත් එක්ක දැන්
ගූගල් භාෂා පරිවර්තකය, භාෂා 51ක් පරිවර්තනය කරනව, භාෂා යුගල 2550ක්,
සියලූම යුරෝපීය භාෂා 23ත් සමඟ.

අලුතින් එකතු වෙලා තියෙන භාෂා තමයි මෙන්න මේව.
- Afrikaans
- Belarusian
- Icelandic
- Irish
- Macedonian
- Malay
- Swahili
- Welsh
- Yiddish

තාමත් හැබැයි පරිවර්තන කාර්යයේදි පොඩි පොඩි ගැටළු තියෙනවලු, නමුත් ඒක එයාල වැඩි දියුණු කරගෙන යනවලු.
Google Translate
මෙම භාෂා පරිවර්තන හැකියාව ගූගල් හා සම්බන්ධ අනෙකුත් පහසුකම් වලටත් ඇතුළත් කරල තිබෙනව. දැනටමත් Gmail, Google Toolbar, Google Reader, and Google Docs
කියන ඒව මේකට ඇතුළත්, නමුත් මේ අලුත් භාෂා 9 නම් තාම මේවට සහය දක්වන්නෙ
නෑ. ඒත් ඒවත් ඉක්මනටම එතනට එයි. අනේ ඉතින් සිංහලත් මෙතනට ආව නම් අපේ
කට්ටියට මෙච්චර දුක් විඳින්න ඕනෙ නෑනෙ නේද? අන්තර්ජාලය තුළ සිංහල
අන්තර්ගතය වැඩි දියුණු කරන එක ගැන හිතන අතරෙ මේ ගැනත් ටිකක් හිතන්න
පුළුවන් නම් අපේ දැක්ම ඉතා ඉක්මනින් සඵල කරගන්න පුළුවන් වෙයි නේද?
Blogger Widgets